අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වේ.මෙය කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයකි.

ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය විසින් හෙළිදරව් කර තිබේ.

ගම්මන්පිල මහින්ද රාජපක්ෂට සහාය වීමට තීරණය කිරීම තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහුත් තවත් එක් දේශපාලකයෙක් පමණක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය.

නුවරඑළිය එජාපයට!

Published in පුවත්
Thursday, 11 December 2014 13:15

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව අැත.

ගම්පහ මහ නගර සභාවේ විපක්ෂනායක කපිල එදිරිසිංහ මහතා ජනාධිපතිවරයාට සහය දක්වීමට ඉදිරිපත්ව සිටින බවට ඊයේ ස්වධීන රූපවාහිනියේ (ITN) දහවල් 12 පුවත් මඟින් විකාශය වීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ඒ මහතා පැවසුවේය.

තමාට වර්තමාන දූෂිත ආණ්ඩුවට එක්වන්නැයි කිවුවොත් අළුයම හෙළන කෙළ පිඩක් මෙන් එය “තුක්.. කියා” ප්‍රතික්ෂේප කරන බවද, වත්මන් ආණ්ඩුවේ තනතුරු “බල්ලෙක්ගේ අධෝ මුඛයේ තියෙන රෝම කූපයක් තරම්වත් තමාට වටින්නේ” නැති බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසුවේය.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර අැත.

පසුගිය වකවානුව පුරාම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකළ ප්‍රකට දේශපාලන විචාරකයකු වන දයාන් ජයතිලක මහතා ඊයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡා කොට ඇත. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදීය.

worky

worky1

ld add copy

Connet With Us