ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පවතින වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිදුකරන ලෙසට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා ඔන්ලයින් ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.

ලබන වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක් වටිනා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි බවට රජය විශ්වාස කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (16) ප්‍රකාශ කළා.

MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

එළබෙන නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා.

රට තුල කොවිඩ් 19 තත්වය මර්දනය කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ඒ වෙනුවෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමත්‍ය ධුරයක් පිහි‍ටුවනු ලැබු අතර එහි අමාත්‍ය වගකීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත පවරනු ලැබිය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us