මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද වන විට යළිත් අප පටන් ගත් තැනටම පැමිණ අැති බවත් ජනවාරි 08 වනදා පරාජය කළ මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුවී අැත්තේ පවතින කාළකණ්නි දේශපාලනය ක‍්‍රමය නිසා බව ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ(15) පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ ජනවාරි 08 ජනවරම පාවාදීමට දූෂණයට මර්දනයට පවුල්වාදයට එරෙහි රැස්වීමට එක්වෙමිනි එක්වෙමිනි.

වෙනම තරග කරමුයි කියා තමන් ඇතුළු පිරිස දැඩිව කිව් නමුත් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන්ම තරග කළ යුතු යැයි කියා මෛත්‍රීපාලගේ කොන්දේසිවලටත් යටත් වී නාම යෝජනා අරගෙන ඔය දැන් කෙළවා ගත්තේ යැයි, පෙරේදා දිනයේ පටන් ඊයේ රාත්‍රිය දක්වා කාලය තුල විටින් විට පැවැති සාකච්ඡා අතරේදී සන්ධානයෙ නායකයන් අතර කසුකුසුවක් ගොස් තිබේ. විමල් වීරවංශ, ඩලස් අලහපෙරුම ආදී පිරිසක් අතරින් මේ කතාව වැඩිපුර අසන්නට ලැබී තිබේ.

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂට වඩාත්ම උණුසුම් කාරී මැතිවරණයකට මුහුණ පෑමට සිදුව තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල බව පෙරේදා(14) රාත්‍රියේ මහරගම පිළියන්දල පාරේ රාත්‍රී සමාජ ශාලවක පැවැති මධුවිත සාදයකදී කතා බහට ලක්විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හෙට (17 ) දා ඵෙතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත නමුත්, එම දිස්ත්‍රීක්කයට සන්ධානයෙන් ඉදිරිපත්වන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එදින පස්වරුවේ පැවැත්වෙන මංගල රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මහා මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සකස්‌ කළ නාමයෝජනා ලැයිස්‌තුවලට දූෂිතයන් සහ හොරුන් ඇතුළත් කළේ ඇයි දැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහලේකම් වරයා රටට වහාම හෙළිකළ යුතු යෑයි හිටපු අමාත්‍ය කෑගල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කණ්‌ඩායම් නායක අතාවුද සෙනෙවිරත්න මහතා පැවසීය.

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (16 දා) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. ඇය දිවයිනට පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදුකරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවැසීය.

මුල්කිරිගල ආසනයේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස මහින්ද රාජපක්ෂගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට නැවත ප්‍රදාන කිරීම මඟින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ පවුල තුලද අර්බූදයක් ඇති කිරීමට සමත්ව තිබේ.මහින්ද රාජපක්ෂ, නිරූපමාට හම්බන්තොට දේශපාලනය කිරීම තමන්ගේ සීමාවට යටත් කොට තිබිණි.මේ නිසා ඇය මහින්ද රජපක්ෂ බාපොච්චා සමඟ සිටියේ දැඩි කලකිරීමකිණි.

ld add copy

Connet With Us