එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලට යොදා ගනිමින් විවිධ රැස්‌වීම් සහ හමුවීම් පවත්වන බව ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය යටතේ ක්‍රියාත්මක පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විඡේතුංග මහතා මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇත.

අදට (18) යෙදී තිබෙන රාමසාන් සැමරුම වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා මෙවර රාමසාන් උත්සවය සමරන්නේ සැකෙන් බියෙන් තොරව, නිදහසේ හුස්මක් ගත හැකි සමාජ වටපිටාවක් තුළ බවයි.

ඉදිකිරීම් නිවාස පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරද්දී විමල් වීරවංශ මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් දිනපොත් මුද්‍රණයට එකතුකරගත් රුපියල් ලක්ෂ එකසිය හතළිහට සහ එම අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් වීව් සමාගම දිනපොත් මුද්‍රණයට වෙන් කළ මුදලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ එකසිය තිස්තුනක මුදලට සිදුවූයේ කුමක්ද එය කාගේ සාක්කුවකට ගියේද යන කාරණාවට පිළිතුරු ලබාදෙන ලෙසට එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේය. එම කාරණාව පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට අත් අඩංගුවට ගත් වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට පනවා ඇති නඩුවට අදාළ පොලිස් වාර්තා අස්ථානගත වී ඇති බව මීට ඉහතදී වාර්තා විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලදී ඔහු හෙළිදරව් කළ බෙහෝ කරුණුද නොමග යැවීම් උදෙසා සිදු කළ ප්‍රකාශ ලෙසම යට ගියේය.

රටට පණ දෙමු - අලූතින් පටන් ගමු යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාව හාස්‍යජනක බව එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සදහන් කරයි. පණ දීමට නම් මැරුණු රටක් තිබිය යුතු වුවත් දැන් අැත්තේ ජීවය පිරි රටක් බවත් රට මරණ මංචකයක් කරා අැදගෙන යනු ලැබුවේ රාජපක්ෂ පාලනය විසින් බවත් යළි ඒ තත්වය උදාවීමට මෙරට ජනතාව ඉඩ නොතබන බව ඔවුන් නිවේදනයක් මගින් දන්වා සිටී.

ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ කාර්යාලය වෙත මේ වන විට පැමිණිලි 237ක් වාර්තා වී අැත. ඉන් පැමිණිලි 236ක්ම නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වාර්තාවී ඇති අතර සෙසු පැමිණිල්ල ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ පැමිණිලි අංශයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කළාය.

සියලු දේශපාලන පක්ෂවල දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේ රටේ දුක්විඳින කාන්තාවන් පාවිච්චි කරමින් සිටීම කණගාටුදායක තත්වයක් බවත් අපේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ කල්පනාව වී අැත්තේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න මේ රටේ කාන්තාවන් වැදගත් බවයි. ඒ නිසා මේ රටේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නෙට අපිට තමයි උත්තරය තියෙන්නේ කියමින් ඔවුන් වහසි බස් දොඩන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න පැවසුවාය. අැය මේ අදහස් දැක්වූයේ පසුගියදා පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහරගම රැලිය අමතමින්ය.

ld add copy

Connet With Us