ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය මිරිහාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් වෑන් රථය මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිව තිබේ. පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරුන්ගේ හෙංචයියකු ලෙස මෙම මේජර්වරයා කටයුතු කළ අතර ඔහුට ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස පත්වීමක්ද ලබා දෙන ලදී.
ශ්‍රී ලනීප එජාප ජවිපෙ තුනම එකක්මය. ඡන්දය දිය යුත්තේ හොඳ අපේක්ෂකයාට පමණය.
මේ ජනාධිපතිවරණය නොවේ. ඔබේ පාර්ලිමේන්තු නියෝජිතයා තෝරගනු ලබන මැතිවරණයයි
ඩිලාන්, චෝදනා ලැබූවන්ට නාමයෝජනා නැතිනම් මහින්දට ලැබුණේ කොහොමද ?
චෝදනා ලැබූ පුද්ගලයින්ට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සාධනීය පියවරක් ගත් නමුත් එක්සත් ජාතික පක්ෂය එවන් උත්සාහයක් හෝ නොගත් බවත් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා තිබුණි.
විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වහා පහල දමනු! (photos/video)
විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස ඉල්ලමින් විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 217කි. ඒ අනුව මෙම සත්‍යග්‍රහයේ දිගුවක් ලෙස අද(21) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැමිණි සිසුන් ගස්තු වැඩිවීමට විරෝධය පළ කර සිටියේය. එහිදී අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම ගැටලුවට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස පරිපාලනයට බලකර සිටින බවයි.
කායික දුබලතාවන්ගෙන් යුතු තැනත්තන් හට ඡන්ද පොළ වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අගෝස්තු නව වනදා දක්වා පවතී.
මහින්දට තිබූ ජනතා ප්‍රසාදය සීග්‍රයෙන් පහළට-රවුෆ් හකීම්
සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිකුත් කර තිබේ.