මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා සරසවි සිසුන් යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. දෙසැම්බර් මස 2 වෙනිදා පැවැත්වෙන මැතිවරණ රැළියකට සරසවි සිසුන් සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2015 වසරේ දී නිදහසේ සහ නිස්කලංකව සංචාරය කළ හැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

දෙසැම්බර් 03 දින විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් දැවැන්ත පා ගමනක් ආරම්භ වේ.

තම පියාගේ දෑත් ඉතා පිරිසිදු බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ දියණිය ,චතුරිකා සිරිසේන පැවසුවාය. ඇය එසේ පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති කාන්තා හමුවකට සහභාගී වෙමින්ය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටවුට්, ‍පොලිතීන් හා ‍පෝස්ටර් භාවිතා නොකිරීමට ඒ මහතා තීරණය කර ඇත.දැන්වීම් සහ අත්පත්‍රිකා මගින් සිය ප්‍රචාරක කටයුතු කිරීමටත් ඊට අමතරව ගම් මට්ටමේ රැස්වීම් පැවැත්වීමටත් ඔහු විසින් තීරණය කර තිබේ.

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
අධිවේගි මාර්ග තනමින් නගර අලංකරණය කරමින් රට ලස්සන කරනවා කීවද රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ld add copy

Connet With Us