බීමතින් රිය පදවන්නන්ට වැඩ වරදී. 350ක් අත්අඩංගුවට !

Published in පුවත්
Thursday, 24 December 2020 12:29

පොලිසිය විසින් ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියැදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු කර ඇති බවයි.
එසේම රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් නිරත්තරව මාර්ගය භාවිත කිරීමේදී ප්‍රවේසමෙන් වාහන පදවන ලෙසත් පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දෙයි.

රිය අනතුරු මගින් ශ්‍රිලංකාවේ වසරකට මියයන සංඛ්‍යාව අතිමහත්ය. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් අනතුරු සිදුවන්නේ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුල බවයි සමීක්ෂණ වාර්තා මගින් හෙළිවී ඇත්තේ. ශ්‍රීලංකාව තුළ රිය අනතුරු යනු ඉතා සුලබව භාවිතා වන වචනයක් වුවද ලොව බහුතරයක් දියුණු රට වල රිය අනතුරු යනු ඉතාම කලාතුරකින් ඇසෙන දුර්ලභ වචනයකි. එයට හේතුව වී ඇත්තේ මාර්ග නීති පද්ධතීන් සම්බන්ධව එම රටවල් දැඩි නීති ක්‍රියාත්මක කිරීම සහ මාර්ග පද්ධතීන් සම්බන්ධව ඉතා දියුණු ක්‍රම වේදයන් අනුගමනය කිරීමය. කෙසේ වුවද ලංකාවේ පවතින මෙම මාර්ග අනතුරු වළක්වාලීමට වත්මන් ජනාධිපතිතුමාට ඇත්ත උවමනාවක් ඇති බව පෙනී යන්නේ ඊට අදාලව පොලිස් මෙහෙයුම් රට පුරා දියත් කිරීමත් සමගය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us