මේ වන විට ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් 100,000ක් ලැබී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ දකුණු පළාත් නියෝජිතයින් දෙදෙනෙක් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමට ඉදිරිපත් වී අැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදාවුවහොත්, දෙවැනි මනාපය ගණන් කිරීමට පෙර ජනතාව සමඟ පාරට බැස සටන් කිරීමට විරුද්ධ පාක්ෂිකයන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුපද නොගෙන ඉවත් වීමට තමා ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තමාට අනාගතයේදී සාධාරණයක් ඉෂ්ට වනු ඇති බවත්, තමා දේශපාලනයට නොපිවිසෙන බවත් හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනපතිට කියාදෙන්න තමන් කැමති බවත් මේ සම්බ්නධව කතා කිරීමට ලබන ජනවාරි පළවෙනිදා තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද දින වඳුරඹ ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැවැත්වීමට නියමිතව තිබු ජන රැලියේ ඉදිකළ වේදිකාව ඊයේ (17) සවස නිශාන්ත මුතුහෙට්ටිගම හා තවත් තරුණයින් පිරිසක් සමග ගිනි තබන අයුරු පුද්ගලයෙකු කැමරා ගත කොට ඇතැයි රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියතාවය ඉහලයමින් පවතින බවට විවිධ ජනමත සමීක්ෂණ හා ආරක්ෂක බුද්ධි වාර්තා මගින් හෙලිදරව් වීමත් සමග ලැබිය හැකි පරාජය වලක්වා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවදානය යොමුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

worky

worky1

ld add copy

Latest News

හෙට කොළඹට වතුර කපයි

හෙට කොළඹට වතුර කපයි

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැ...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us