ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී

Published in පුවත්
Thursday, 17 December 2020 16:48

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

 

එම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්‍රයක බලාපොරොත්තු දල්වමින් ශ්‍රී ලංකාවේ පළමු ද්‍රව වායු බලාගාරයේ ඉදිකිරීම් ජනවාරියේදී ආරම්භ කරන බවත් විවිධ පක්ෂ, විවිධ ආණ්ඩු ජනතාව හමුවේ නොයෙකුත් බලාපොරොත්තු තැබු බවත් ,නමුත් වත්මන් ආණ්ඩුව ඊට වඩා හාත්පසින් වෙනස් සුවිශේෂි බලාපොරොත්තුවක් ජනතාවට ලබා දුන් බවත් අමාත්‍යවරයා
එහිදී ප්‍රකාශ කර ඇත.තවද පසුගිය 8 දා මන්නාරම සුළං බලාගාරය ජනතාවට දායාද කරමින් හැරවුම් ලක්ෂයකට සාර්ථක පියවරක් තැබූ බවත් ශ්‍රී ලංකවේ ඉදිවන පළමු සූර්ය බලාගාර උද්‍යානයට මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා .
කඳාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් ආරම්භ වූ මෙම විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කඳාන ලින්ටන් පාරේ, අංක 253/2 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කළ පහසුකම් වලින් සමන්විත වන අතර සේවා බිඳවැටීම් වලට සහභාගී වීම ඉක්මන් ප්‍රතිස්ථාපනය සඳහා දුරස්ථව අධීක්ෂණය කරනු ලැබේ. LECO හි නව හඳුන්වාදීම “LECO Payment Kiosk” ද මෙම ස්ථානයේ පිහිටා ඇත.  නව සහ පවතින ගනුදෙනුකරුවන්ට LECO සේවා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. මෙම සේවාවට නව සේවා සම්බන්ධතා, ගිණුම් නාම වෙනස් කිරීම, තීරු ගාස්තු වෙනස් කිරීම, මීටර පරීක්ෂාව, ශුද්ධ මීටර සම්බන්ධතා, සේවා වයර් / ධ්‍රැව / මීටර මාරුව ඇතුළු සියලුම පාරිභෝගික සේවා ඉල්ලීම් ඇතුළත් වේ. මෙහි විශේෂත්වය වන්නේ පැය 24 සහ දින 365 විවෘත සේවාවක් පැවතීමයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us