සාක්ෂි ලබාදෙමින් අදාළ වෝහාරික විශ්ලේෂණය සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සඳහන් කළේ , සිදුකෙරෙන විමර්ශනයට අදාළ දත්ත එම දුරකතනයේ ඇත්දැයි පරික්ෂා කරන ලෙස දැන්වුවද දුරකතනය Factory Reset කර තිබීම තුළින් දත්ත ලබාගැනිමට බාධා එල්ල වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පෙර භාවිත කරන ලද ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් තොරතුරු ඇත්දැයි පරික්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.
සාක්ෂිකරු පැවසුවේ, එම නියෝගය අනුව නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් මෙම වෝහාරික පරික්ෂාව කළ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය වෝහාරික විශ්ලේෂණයක් සිදු කිරීමට තමාගේ අතට පත්වන විටත් Factory Reset කිරීමකට ලක්කර තිබු බව එහිදි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ය.
ඒ අනුව එහි ඇතුළත් දත්ත සහ තොරතුරු නැවත ලබාගත නොහැකි අන්දමට විනාශ කර තිබු බව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අනාවරණය කළේය.
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයාගේ දුරකථන දත්ත විනාශ කර දමයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත දත්ත යළි බාගත කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වෝහාරික විශ්ලේෂණයේදී අනාවරණය වී තිබෙනවා.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

