විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් අදත් දිවයිනට

Published in පුවත්
Friday, 18 December 2020 14:20

විදෙස්ගතව සිටි පුද්ගලයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණියා.

එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරුණු අතර මධ්‍යස්ථාන 79 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 7961 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 14272 ක්.

ඒ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළින් නව කොවිඩ් -19 ආසාදිතයින් 242ක් වාර්තා වී තිබේනවා.
ඊයේ (17) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට කොළඹ දිස්ත්‍රික්කය පත් වූ බවයි වාර්තා වෙන්නේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 126 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් හඳුනාගෙන තිබේ.
කොවිඩ් -19 ආසාදිත රෝගීන් 650 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් අතර
ඉන් 12 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන තිබුණ බවයි වාර්තා වුණේ .
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයින් 26,353 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 8,874 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us