මංගලගෙනුත් චම්පිකට ටොක්කක් ! Featured

Published in පුවත්
Sunday, 20 December 2020 21:56

පාඨලි චම්පික රණවක දැන්ම තියා 2024 ජනධිපතිවරණයට සූදානම් වීම වෙනුවෙන් එකතුකරමින් යන මතවාදය සිංහල ජාතිකවාදය මත පදනම් වූ ලිබරල් අච්චාරුවක් බවත් තවත් තැනෙක ඔහු ගෝත්‍රිකත්වයෙන් නොමිදුනු පැසිස්ට්වාදී ආකල්ප සහිත තැනක සිටගෙන සිටින බවටත් විවේචන ඉදිරිපත් වෙමින් තිබේ.

මේ අතර අද මංගල සමරවීර මහතා වෙතින්ද චම්පිකගේ දේශපාලන වුවමනාව සම්බන්ධයෙන් පොඩි ටොක්ක ඇණීම සිදුකර තිබේ.

''..විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.නමුත් මිත්‍රවරුණි මම කියනවා 'සර් නෙවෙයි ෆේල්. සර් නියෝජනය කරන මතවාදය තමයි යළි වතාවක් ෆේල් වෙලා තියෙන්නේ..''  යයි මංගල සමරවීර මහතා පැවැසූවේ අද (20 ඉරිදා ) මාතර පැවති 'මාතර හමුවට' එක්වෙමිනි.

මේ අනුව පෙනී යන්නේ චම්පික ගොඩනගනවාය කියන නව ජාතික බලවේගයට මංගල සමරවීරගේ සහය නොලැබෙන බවය. මංගල මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන බැවින් එජාපයේ සහයද චම්පිකට නොලැබෙනු ඇතැයි බවද කල්පනා කළ හැකිය.

සමරවීර මහතා මෙහිදී පෙන්වා දීමට උත්හස ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයකින් පසුව සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය පරාජය වී ඇති බවත් බුද්ධ දර්ශනයට සමීප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ රට ගමන් කළ යුතු බවය.

 

එම විඩියෝව

https://www.youtube.com/watch?v=qF_ERV5115M&feature=emb_logo

Last modified on Sunday, 20 December 2020 21:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us