පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ

Published in පුවත්
Wednesday, 23 December 2020 13:40

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ. ජාතික කම්කරු උපදේශන සභාව ඉදිරියේ දී විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ තමා සාකච්ඡාවට ගත් බවත් එහිදී වෘත්තීය සමිති නායකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
එසේ වුවත් යම් සේවකයෙකුට අවුරුදු 55න් විශ්‍රාම යෑමට අවශ්‍ය නම්, ඔහුට ඒ සඳහා ඉඩකඩ සලසා දියයුතු බවත් එහිදී අර්ථසාධක මුදල් ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතු වන අතර, අවුරුදු 60න් පසුව විශ්‍රාම ගැනීමේ දී අර්ථසාධක මුදල් ලබා ගැනීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බව ඔවුන් පැවසු බවත් අමාත්‍යවරයා කියාසිටියේය. අසනීප තත්ත්වයේ පසුවෙන පුද්ගලයින් අවුරුදු 60ක් දක්වා තබා ගන්නා ලෙස බලනොකරන ලෙස ද කමිටුව පැවසු බව සඳහන්.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us