කැබිනට් මණ්ඩලයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ විෂය මාරු කිරීම මැයි 07 වන දිනෙන් පසුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයෙන් අපේක්ෂිත වෙනස සිදු නොවන බව මේ අනුව සැලකිය හැකිය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරට පොලිසියේ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඊයේ (26) දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය හ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන කතාවෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

අද කොළඹදී පැවැති මාධ‍ය හමුවකදී අදහස් පළ කළ ඇමැති එස් බී දිසානායක මහතා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රතිපාදන නැති බව අවධාරණය කළේය.

තමන්ගේ ගමේ තමන්ට ඡන්ද දුන් ජනතාව හමුවට යෑමට නොහැකිව ලත වෙමින් සිටින පජාත ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඒ වෙනුවෙන් සකස් වූ හොර පාරක් ගැන ශ්‍රිලනීප ඩබල් ගේම් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දී තිබේ. ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා ' මං පොර එජාප විරෝධී පතාක යෝධයෙක්.. ' යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දවීමෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ඉකුත්දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි වූ බවත් එය මැඬලීමට කවර ආකාරයේ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඒවා බිඳදමා 'මාපිලා' ලකුණෙන් හෝ තරග කර මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශ අද මව්බිම වාර්ථාකර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද මාධ්‍ය හමුවේ ප්‍රකිශයක් කරමින් පැවසීය.

එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබුණ ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නොසිටීම දැවැන්ත ඛේදවාචකයක් බව ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us