ලබන මාසයේ පොල් මිළ අඩුවන ලකුණු

Published in පුවත්
Tuesday, 02 March 2021 10:03

ලබන අප්‍රේල් මාසය වන විටදී පොල් මිල අඩුවන බවට පොල් පර්‌යේෂණායතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන ප්‍රකාශ කර තිබේ.

මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 100 ක් 120 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මාර්තු මාසයේදී පොල් පලදාව වැඩි වන හෙයින් අලුත් අවුරුදු සමයේදී පොල් මිල අඩුවනු ඇතැයිද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙරට වාර්ෂික ගෘහස්ථ පොල් පාරිභෝජනය පොල් ගෙඩි මිලියන 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයකි.

පොල් තෙල් ඇතුළු කර්මාන්ත අවශ්‍යතා සඳහා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 1800 ක් පමණ අවශ්‍ය වන අතර, නමුත් ප්‍රමාණවත් පරිදි පොල් නොතිබීම නිසා පොල් තෙල් නිෂ්පාදනයට වියළි පොල් මද පිටරටින් ආනයනය කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇතැයිද ලේකම්වරයා සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us