වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව ඊයේ (01) දිනයේ කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්වුනේ
වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතරයි. එම සාකච්ඡාවෙන් බහුතරයකගේ එකඟතාවයෙන් වතුකම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මේ අනුව, ඊට අදාල ගැසට් පත්‍රය සතියක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළා.
-පංචාලි අබේසේකර