ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී. අවසන් වරට පළාත් පාලන ආයතන වලින් තුනෙන් දෙකකට වැඩි බලයක් තිබුණේ ශ්‍රීලනීපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. මේ වන විට තුන්සිය තිස් පහක්වන පළාත්පාලන අයතන කිහිපයක හැර සියල්ලේම නිල කාලයන් අවසන්ව තිබේ. ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසවලදි මෙම මැතිවරණය, කොට්ඨාෂ හා සමානුපාත ක්රමයේ මිශ්‍රණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් පැවැසේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතාව පත් කරගෙන තිබේ. 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ‘පාර්ලිමේන්තුවේ පියා’ යන විරුදාවලියටත් දැන් හිමිකම් පායි.
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදි පැහැදී සිටි ව්‍යපාරික ඒ එස් පී ලියනගේ මහතා, ඇමැති රාජිත සේනාරත්න මහතාට කේක් කවන්නට ඉදිරිපත්ව සිටී.
ඔය චන්ද්‍රිකා කරාපුවත් සුළුපටු නෑ - මහින්ද ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයන්ගේ විශේෂ අවධානය පිණිස යැයි කියමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කොට ඇත. ඒ මෙසේය.
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජ සාමාජිකයන් 3ක් යෝජනා වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් ලෙස (ආචාර්ය) ඒ. ටී. ආරියරත්න මහතා, (ආචාර්ය) රධිකා කුමාරස්වාමි මහත්මිය, ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතාගේ නම් අද යෝජනා විය. තවද සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ නම් අනුමැතිය සඳහා සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද යෝජිතය.
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (National Chamber of Exporters of Sri Lanka - NCE) විසින් සංවිධානය කරනු ලබන ජාතික සම්මාන උළෙලේ මහාපරිමාණ අංශයේ රන් සම්මානය කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔය සහ පන්නල ප්‍රදේශයේ ගල් ඔය ආශ්රිත පරිසරය වනසන JIFFY PRODUCTS SRI LANKA (PVT) LTD සමාගමට ලැබීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පෞද්ගලික දුරකථනයේ සිම්කාඩ් පත ඔහු ඝාතනයට ලක් කළ ඝාතකයන් විසින්ම පැහැරගෙන ඇති බව රහස් පොලිසිය විශ්වාස කරයි.
මිල්කෝ සමාගමට අයත් පොලොන්නරුව ගල්ලෑල්ල කර්මාන්ත ශාලාවේ ගබඩා කළ කිරි ටැංකිවලට විෂ රසායනිකයක් මිශ්‍ර වී ඇතැයි වාර්තා වේ.