අැමරිකානු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාටම සාපරාධී චෝදනා
එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම සාපරාධී අධිචෝදනා වලට වගඋත්තරකරුවන් වීමේ අවධානමක් මතුව තිබේ. ඒ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්රටික් පක්ෂය නියෝජනය කරන හිලරි ක්ලින්ටන් යන දෙදෙනාටය.
වර්තමානයේ රට තුළ පොලිස් පාලනයක් පවතින බවත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස වත්මන් ආණ්ඩුව තුළින් සිදුව නොමැති බවත්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් පැවැසීය.
යහපාලනයෙනුත් ඉඩම බේරාගන්න බැරිවී ශ්‍රී නිවාස් දිවි නසා ගනී
වසර විසි පහක් තිස්සේ රජයට පවරාගෙන තිබූ තමාගේ වත්තල පිහිටි ඉඩම නැවත ලබා ගැනීමට ගත් සියලූ උත්සාහයන් ව්‍යවර්ථ වෙද්දි ශ්‍රී නිවාස් නම් පුද්ගලයකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
අලි හොරු රකින ලොක්කාට වන ජීවි අධ්‍යක්ෂකගෙන් කණේ පාරක්
අලි ජාවාරම් කරුන්වන් බෙරා ගැනීම සඳහා රාජ්‍ය නායක මට්ටමෙන් වන මැදිහත් වීමට විරෝධය දක්වමින් වනජීවී අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා ඊයේ (06) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ආණ්ඩුව , ලෝක බැංකුව හා මුල්‍ය අරමුදල අතර එකඟතා 5 මෙන්න.
ආණ්ඩුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති ගිවිසුම් හා ඒ තුළින් ඉදිරියේදී මෙරට කම්කරැවාට මුහුණ දීමට සිදු වන අභාවාචකයන් හා එකී කප්පාදුන්ට එරෙහි අරගලය පිළිබද අදහස් දැක්වීමට කම්කරැ අරගල මධ්‍යස්ථානය විසින් අද 06 දින මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
අවිස්සාවේල්ල කොස්ගම පිහිටි යුධ හමුදා උප වෙඩි උණ්ඩ ගබඩාව (sub Ammunition dump) ගිනිගෙන පුපුරායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය, හමුදාවේ වෙඩි උණ්ඩ ගබඩා පරිපාලනයට යොදවා ඇත්තේ ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද නිලධාරීන් නොවන බවට හඳුනාගෙන ඇත.
ශ්රීලනිපය, එජාපයේ විරුද්ධ වචනය බවත් ඒ නිසා එජාපයට එරෙහි වීම ශ්‍රීලනිපයේ අනිවාර්ය කොන්දේසිය බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩලස් අලහප්පෙරුම පවසයි.
අවිස්සාවේල්ල, කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් මෙහි පාතොරොම් අවි හා බොම්බ ගබඩා කිරීමේදී නිසි ප්‍රමිතියට අනුව සිදු කර නොමැති බව හෙළිව තිබේ. පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේදයන් ගෙන් තොරව දශක දෙකකට ආසන්න කාලයක් මුලුල්ලෙ මේ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත.