විදෙස් රටවල සිට මෙරටට එවූ මිලියන7ක මත්ද්‍රව්‍ය රේගුට මාට්ටුවේ !

Published in පුවත්
Friday, 09 April 2021 10:12

විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන හතක වටිනාකමකින් යුතු කුෂ් නමැති ගංජා සහ මෙතෆෙටමින් (මත්ද්‍රව්‍ය විශේෂයක්) අඩංගු පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාර්සල් පහ පුද්ගලයන් පස් දෙනකුගේ නම්වලට ඒවා ඇති බවයි සදහන් වන්නේ. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටි පාර්සල් අංශයේ දී අදාළ පාර්සල් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුුතු) සුදත්ත සිල්වාසදහන් කර ඇත. අහංගම, වේරහැර, හෝමාගම සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස් දෙනකුගේ නමින් මෙම ගංජා සහ මත්පෙති එවා තිබුණේ එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල්වලිනි.

මෙම පාර්සල් පහේ තිබී රුපියල් මිලියන හතරක් වටිනා කුෂ් ග්‍රෑම් 278ක්ද, රුපියල් මිලියන 3ක් වටිනා මත්පෙති 400ක්ද රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මෙම මත්පෙති සහ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us