මෙම වැටලීම සිදු කර ඇත්තේ කඩවත – රුප්පාගොඩ ප්රදේශයෙන් මත්පෙති 140ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරක් මත බවයි පොලිසිය සදහන් කරන්නේ.
මෙම මත් පෙති සොයා ගැනීමත් සමඟ දිවයිනේ විවිධ ප්රදේශ වෙත නීතිවිරෝධී ලෙස මත්පෙති බෙදා හැර ඇති බව හෙළි වී ඇත.
ඒ අනුව මෙම ඖෂධ අලෙවිසැලේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඖෂධ අලෙවිසැලේ හිමිකරු සහ රුප්පාගොඩ ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඩවත් පොලිසියට බාර දී තිබේ.
-පංචාලි අබේසේකර