ශ්‍රී.ල.නි.පය සහ තවත් පක්ෂ 10ක් හදිසි විශේෂ සාකච්ඡාවක !

Published in පුවත්
Friday, 09 April 2021 09:44

රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව පවත්ව ඇත. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, අතුරලියේ රතන හිමි සහ ගෙවිදු කුමාරතුංග යන මැති ඇමැතිවරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සාමාජිකයෙකු සහභාගි වී නොමැති වීම විශේෂත්වයකි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වු බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us