ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර ඊයේ (19 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
දැනට කොවිඩ් ආසාදිතයන් වැඩිවන ප්‍රවණතාවක් පවතින හෙයින් මැයි දින සැමරුම් පැවැත්වීම අවදානම් බව සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දී ඇත.
ඒ අනුව අද (20 වැනිදා) සියලු පක්ෂවල තීන්දු ගත හැකි ප්‍රධානීන් හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමග මෙම සාකච්ඡාව පවත්වා සියලු දෙනාගේ අදහස් අනුව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
-පංචාලි අබේසේකර