කෘත්‍රිම රා නිෂ්පාදනයට ප්‍රමිතියක්

Published in පුවත්
Tuesday, 20 April 2021 09:44

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩිවීම නිසා නිවැරදි රා සොයා ගැනීමේ ගැටලුවක් පවතින බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීම හේතුවෙන් ප්‍රමිතියක් සකස් කිරීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ප්‍රමිතිය සකස් කිරීමට කමිටුවක්ද පත්කර ඇත. ලංකාවේ නිපදවන මත්පැන් සඳහා ප්‍රමිතියක් සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර එය නියාමනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරී ඇත.

විවිධ විෂ කාරක යොදා ගනිමින් කෘත්‍රිම රා සකස් කිරීම නිසා ඒවා පානය කිරීමෙන් පූඩළුඔය, කොටදෙණියාව වැනි ප්‍රදේශවල පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම කෘත්‍රිම රා විනාකිරි වැනි ආහාර නිපදවීමටද යොදා ගන්නා බවට මත පළවී ඇති බැවින් ඒ පිළිබඳවද සොයා බැලීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us