කබ්රාල් සහ පී.බී., රජයේ දේපල අවභාවිත කරලා...? නඩුවක්

Published in පුවත්
Tuesday, 20 April 2021 14:48

රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

 

නුගේගොඩ, නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරයා, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර හිමියන් පවසන්නේ, 2014 වසරේ වග උත්තරකාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් අමාත්‍ය මණ්ඩලයේ හෝ රජයේ අනුමැතියක් නොමැතිව සී.අයි.ඒ සංවිධානයේ නියෝජිතයකු වන ඉමාඩ් ෂා සුඛේරි නැමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවය.

ඊට අමතරව හෙජින් ගිවිසුම තුළින් ද විශාල පාඩුවක් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

එමෙන්ම වගඋත්තරකාර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාද රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු "කෝප්" කමිටුව මගින් ද චෝදනා එල්ල වූ අයෙකු බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, ඒ මහතාට රාජ්‍ය තනතුරක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මීට පෙර තීන්දුවක් ලබාදී තිබූ බවද සඳහන් කරයි.

රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම, ලංකා රෝහලේ කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව මඟින් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත චෝදනා එල්ල කර තිබූ බවද උන්වහන්සේ සඳහන් කළේය.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට හා ජනාධිපති ලේකම්වරයාට එරෙහිව පවතින පොදු දේපල අයථා පරිහරණය, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් තීනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා තිබේ.

 

derana

Last modified on Tuesday, 20 April 2021 14:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us