මන්ත්රී පුතා පැදවූ මෝටර් රථය ඊයේ රාත්රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු විජයදාස රාජපක්ෂගේ පුතා වාහනය නතර නොකර ගොස් ඇති අතර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට පොලිස් අරක්ෂාව යටතේ ප්රතිකාර ලබයි.