කොරෝනා අසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යයි.

Published in පුවත්
Tuesday, 20 April 2021 13:28

මෙරට තුළ කොරෝනා අසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ අතර යළිත් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවන කොරෝනා අසාදිතයින්ගේ යම් අඩුවීමක් තිබු නමුත් නැවත රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ඉතාම ප්‍රවේශම්කාරී විය යුතු තත්ත්වයක්. රෝගය ව්‍යාප්තවීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවෙන විට අපි නොදැනුවත්ම විශාල පොකුරු ඇති වෙන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක්. එහෙම වුණොත් අපිට නැවත වතාවක් රට තුළ සංචරණ සීමා ඇති කිරීම හා දරුවන්ගේ අධ්‍යාපනයට සීමා පැනවීම මෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතයි අප්‍රේල් 27 වන දා , නමුත් ඒවට සීමා ඇති කරන්න සිදුවේවි. ඒ නිසා ඒවා වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි.“

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ සිදු කරන ලද PCR පරීක්ෂණ 130කින්ය.

පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේ, අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවය.

මොවුන් ඇරවුවල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් - 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වේ.

මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති අතර ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 130 කි.

ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු, පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 9 දෙනා බැගින් ද වාර්තා වී තිබේ.

මීට අමතරව රත්නපුර, මහනුවර, ගාල්ල, අම්පාර, කෑගල්ල, මොණරාගල සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඊයේ දිනය තුළ ආසාදිතයින් 309 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 18 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය බව ද සඳහන් වේ.

මේ අතර කුරුණැගල බිංගිරිය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 100 ක් පමණ කොරෝනා අසාදිතයින් බව හඳුනාගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us