ජිනීවා වාර්තාව ප්‍රතික්ෂේප කරන්න, මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳ විවෘත සංවාදය හෙට(23) සවස 3ට බොරැල්ල නගරෝදය ශාලාවේදී පැවැත්වේ.
අපේ විපක්ෂ නායකයාත් සම්බන්ධන්ම තමයි - මහින්ද පාර්ශ්වය පිළිගනී.
විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස අද දින සිට කටයුතු කිරිමට සැලසුම් කර ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට තිරණය කර තිබේ.
ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප්‍රකාශයට පත් කර ඇත.
නොදන්නා ක්‍රීඩාවක් ගැන කතා කරන්න ගොස් හොම්බ බිම ඇණ ගැනීම
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගියදා ක්‍රීඩාවේ සංවර්ධනය ගැන පලකළ ඉතා දියුණු මෙන්ම ප්‍රායෝගික අදහසක් සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය කිසිදු පදනමකින් තොරව විවේචනය කර තිබිණි. ඇමැතිවරයා පැවැසුවේ සංචාරක කර්මාන්තය තුලින් ක්‍රීඩාව දියුණු කිරීම ගැනය.
මැතිවරණවලින් පසු තවත් හිස් පොරොන්දු මාලාවක්ද, නැතහොත් සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් ද? - ෂර්ලි කන්දප්පා
බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට ඉදිරිපත් වූ අප, එම ව්‍යසනයේ රැළි බැස යනවාත් සමගම එසේ ඇති කරගත් සහයෝගීතා හැඟීම අමතක කළ සෙයක් පෙනුණි.
"අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්ධය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්‍රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන."
නයිජීරියාවේ හිටපු තානාපති, ව්‍යාපාරික ,ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක, ඒ .එස්. පි. ලියනගේ මහතාට බස්නාහිර පළාත් ආන්ඩුකාර පදවිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුට නැවත වතාවක් නයිජීරියාවේම තානාපතිධුරය ලබා දීමට යන බවට මාධ්‍ය වාර්ත පලවී තිබුණද ලියනගේ මහතා බස්නාහිර ආණ්ඩුකාර පදවිය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහුගේ හිතවතුන් පවසයි.