ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය නීති රීති කඩ කළ පුද්ගලයන් 108දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

 නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

 අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරාව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතයි.

මේ වනවිට ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිරයන කොවිඩ් වසන්ගතයත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ සදහන් තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us