රාජිතට එරෙහි නඩුව ජුලි දක්වා කල් තැබේ !

Published in පුවත්
Wednesday, 28 April 2021 12:09

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ජුලි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

2019.11.10 වනදා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ අතුල මදනායක සහ සරත් කුමාර යන පුද්ගලයින් හරහා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් මරා දැමීම, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ සිද්ධීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශකර එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ලකර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවීය.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත්කර ඇති වීඩියෝ දර්ශන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවස්ථාවක් ලබාදී තිබුණත් ඒවා පරික්ෂා කිරීමට විත්තිය විසින් නීතිඥවරයෙකු යොමුකර නොතිබූ බවය.

ඒ අනුව අදාළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා මැයි මස 14 වනදා නීතිඥවරයෙකු සහභාගී කරන ලෙස විනිසුරුවරයා විසින් විත්ති පාර්ශවයට නියමකර ඇත.

Last modified on Wednesday, 28 April 2021 12:10

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us