හුදෙකලා කිරීම පෙර දැනුම් දීමකින් තොරව ! සුදානමින් සිටින්නැයි හමුදාපති දැනුම් දෙයි .  

Published in පුවත්
Thursday, 29 April 2021 08:44

පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

එම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව සූදානම් විය යුතු බවයි හමුදාපතිවරයා පවසන්නේ.

මීට පෙර අවස්ථාවලදී කල්තියා දැනුම් දී හුදෙකලාවන් සිදුකළද මෙවර කොවිඩ් ව්‍යාප්තිය සමග කල් ලබාදීමකින් තොරව හුදෙකලා කිරීමට සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය. කෙසේ වුවත් රටම ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ඔහු සදහන් කර සිටියේ.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.

ඒ අනුව සුමේධගම්පුර, මූදෝවි, කෝවිල්අඩි, ලින්ග නගර්, කාවච්චි කුඩා සහ චීන වරාය යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර ඇත.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම තීරණය ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us