පොල්තෙල් හිගයක ලකුණු ! ජනතාවට රතු එළි !

Published in පුවත්
Thursday, 29 April 2021 09:11

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් විසින් පොල්තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබීම නිසා ඉදිරි කාලයේදී රට තුළ පොල්තෙල් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධව පොල්තෙල් ආනයනය කරන සමාගම් නියෝජිතයන් හා වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න අතර විශේෂ සාකච්ඡාවක්ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඉකුත් සිකුරාදා (23 වැනිදා) පැවැත්වුණි.

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී පිළිකා කාරකයක් වන ඇල්ෆටොක්සින් තිබෙන බවට අනාවරණය වුවහොත්, යළි එම තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීම නිසා විශාල වියදමක් දැරීමට සිදුවීම, රේගු බදු සඳහා විශාල මුදලක් වැයවීම, පොල්තෙල් තොග නිදහස් කර ගැනීමේදී වරායේදී සහ රේගුවේදී දීර්ඝ කාලයක් ප්‍රමාද වීම යන කාරණා මත පොල්තෙල් තොග ආනයනය කිරීම ගැටලු සහගත තත්ත්වයක් බවට පොල්තෙල් ආනයනික සමාගම් නියෝජිතයෝ ඇමැතිවරුන් හමුවේ කියා සිටියහ. මේ නිසා ඉදිරි කාලයේදී පොල්තෙල් හිඟයක් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා සිටියෝය.

එමෙන්ම, පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද නෞකාව වරායට ඇතුළත් කරනතුරු පිටත රඳවා තැබීමට සිදුවීම නිසා වැයවන මුදල අධික බවද ඔවුහු පැවසූහ. මේ නිසා මෙම ගැටලු විසඳා දෙන ලෙසද ඔවුහු කියා සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා පොල්කිරි නිෂ්පාදකයන් හා අපනයනකරුවන්ගේ සංගමය ද සහභාගි වූ අතර, ඔවුන් දිගින් දිගටම කියා සිටියේ පොල්ගෙඩි අපනයනය නතර කරන ලෙසය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොල් සංවර්ධන මණ්ඩලයට සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඇමැතිවරුන් දන්වා සිටියේ දිවයින පුරා තිබෙන පොල්තෙල් තොග පිළිබඳව ගණනය කරන ලෙසය.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල්තෙල් ආනයනකරුවන්ගේ ගබඩා සහ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ගේ ගබඩා 29ක් පරීක්ෂා කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම ගබඩාවල පොල්තෙල් මෙට්‍රික් ටොන් 1080ක තොගයක් පමණක් තිබෙන බවය.

මේ අතර පොල් සංවර්ධන අධිකාරිය විසින් ද පොල්තෙල් පිරිපහදු කිරීමේ පද්ධති 12 ක් ඉකුත් සති අන්තයේදී පරීක්ෂාවට ලක්කර ඇත. රේගුව විසින් මුද්‍රා තබා තිබෙන පොල්තෙල් තොගද ඇතුළත්ව එම පිරිපහදු කිරීමේ පද්ධතිවල ඇත්තේ මෙට්‍රික් ටොන් 3000 ක පමණ තොගයක් බව එම අධිකාරියේ නිලධාරියෙක් පැවසුවේය. පොල්තෙල් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් රට තුළ පොල්තෙල් අර්බුදයක් ඇතිවනු ඇතැයිද පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයා කීවේය.

මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය ආදී රටවලින් මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කෙරේ. එලෙස ආනයනය කරන ලද පොල්තෙල් තොග අදාළ සමාගම්වලට නිදහස් කරනු ලබන්නේ ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ තත්ත්ව පරීක්ෂණ සහතික ලැබීමෙන් අනතුරුවය.

රේගුව මීට පෙරදී සමාගම් විසින් ආනයනය කරන ලද පොල්තෙල් තොගවල තත්ත්ව සහතික ලැබෙනතුරු අදාළ සමාගම්වල ගුදම් තුළම ඒවා ගබඩා කිරීමට කටයුතු කරනු ලැබූවත්, පිළිකාකාරක පොල්තෙල් හමුවීමෙන් පසුව, රේගු ගුදම්වලම පොල්තෙල් තුළ ගබඩා කිරීමට පසුගියදා තීරණය කරන ලදී. මෙවැනි විවිධ කාරණා හේතුවෙන් පොල්තෙල් ආනයනය කිරීමට පොල්තෙල් ආනයනකරුවන් මැළිවී සිටින බවද පැවසේ. පාම් තෙල් ආනයනය නතර කිරීම ද පොල්තෙල් ඉල්ලුම ඉහළ යාමට බලපා තිබෙන කාරණයකි.

වෙළෙද පොළේ පොල්තෙල් කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 465 කට අලෙවි කෙරෙයි.

පොල්තෙල් ගැටලුව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පොල්තෙල් හිඟයක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් ඇති නොවන බවය.

-අරුණ

Leave a comment

worky

worky1

ld add copy

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us