වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව අද (01) පැවැත් වීමට නියමිතයි.

පාස්කු අවසන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර එහි ඇතුළත් ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළ තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව සලකා බලන ලෙස ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේනව.

අත් පිරිසුදුකාරක (Hand Sanitizers) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිවීමෙන් තොරව ආනයනය කිරීම හෝ අලෙවි කිරීම අප්‍රේල් පළමු වැනිදා සිට සපුරා තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රජය මගින් හඳුන්වා දීමට සූදානම් වන ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඇතැයි දේශීය ආදායම් සේවා සංගමය ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2019 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලබාගෙන ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාවිච්චි කරමින් බව එහි සභාපති රේණුක පෙරේරා ප්‍රකශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේනවා.

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණය කර තිබේනවා.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us