දිනකට ආසාදිතයන් 8000-10,000 වාර්තා වීමේ අවදානමක් !

Published in පුවත්
Tuesday, 04 May 2021 09:14

කොවිඩ් - 19 මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (03) ප්‍රකාශ කළාය.

දිනකදී දැනට වාර්තා වන ආසාදිතයකු පුද්ගලයන් හතරදෙනකුට මේ වෛරසය ව්‍යාප්ත කළහොත් සහ ජනතාව වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් මේ ඉලක්කම් වාර්තා විය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.

කොවිඩ් ව්‍යාප්තය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් තිබෙන බවත් ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන තුළදී එය ගිලිහී යාමේ අවදානමක් පවතින බවත් ඇමැතිවරිය කියා සිටියාය.

අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසෙන් බැහැරට නොයාම, නිවසෙන් බැහැරට යන විට මුව ආවරණ නිසි ලෙස පැළඳීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය තබා ගැනීම, සෙනඟ රැස් වන ස්ථානයන්ට නොයාම යනාදි කාරණ නිසි ලෙස අනුගමනය කිරීමෙන් වයිරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි බව ද ඇමැතිවරිය පැවසුවාය.

- දිනමිණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us