ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම නිසා රටේ ගෑස් හිගයක් !

Published in පුවත්
Tuesday, 04 May 2021 09:58

ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම හේතුවෙන් ගෑස් සමාගම් ණයවර ලිපි විවෘත නොකර ආනයනය ප්‍රමාද කිරීම නිසා ගෑස් හිගයක් මතුව ඇති බව වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඊයේ (03 වැනිදා) දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම්දීම සිදු කර ඇත. ගෑස් හිඟය ඇතිවීමට බලපා ඇති කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ පිළිබඳව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටියගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් හිඟයක් මතුව ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල සංශෝධනය කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව ඔහු අවධාරණය කර සිටියේය. ගෑස් මිල රුපියල් 400කින්වත් වැඩි කළ යුතු බව පෙන්වා දුන් ඔහු දැනට සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 550ක පාඩුවක් ලබන බවද කියා සිටියේය. තවද මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, වෙළෙඳ අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළද විසඳුමක් නොලැබුණ බව ඔහු පැවසීය.

එහෙත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත පැවැසුවේ අවශ්‍ය තරම් තොග තිබෙන බැවින් ගෑස් හිඟයක් නොමැති බවයි. තම ආයතනයට දින තුනකට වරක් ගෑස් රැගත් නෞකාවක් පැමිණෙන බවද ඔහු අනාවරණය කළේය. නමුත් ගෑස් මිල වැඩි නොකිරීම නිසා තම ආයතනයද ගැටලුවකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us