පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

දැනට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) පැමිණිල්ලට අවසර ලබාදුන්නේය.

හෙට (30) දිනයේ දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේනවා.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (28 }දින අඟුණකොළපෑලැස්සේදී ප්‍රකාශ කර තිබේ.

අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබේ.

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන ලද සමාගම් විසින් පොල්තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබීම නිසා ඉදිරි කාලයේදී රට තුළ පොල්තෙල් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us