පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

මෙවර පැවැති දළදා මාලිගාවේ පෙරහැර රූපවාහිනී ජාතික විකාශය (මහ රන්දෝලි පෙරහැර) සැබැවින්ම ස්වාධීන රුපවාහිනී ආයතනයේ නිශ්පාදනයක් වුව එය දළදා මාලිගාවේ නිශ්පාදනයක් ලෙස රූපවාහිනී තිරවල සටහන් කිරීම සටකපට මගඩි වැඩක් දැයි ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවකයෝ ප්‍රශ්න කරන බව එම ආයතන තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපේක්ෂාවෙන් පසුවන චීනයේ දැවැන්ත සමාගම් කිහිපයක්ම මෙරට දේශපාලන ප්‍රධානින් ගනනාවකට කොමිස් මුදල් ලබා දී එම ව්‍යාපෘති තමන් වෙතට ලබා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ.

මේ වන විට දුටුතැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට නාමල් රාජපක්ෂගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු FCID යට හෙළිනොකරන්නැයි කියමින් රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බව එම පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට පොලිස් මුලය අපරාධ කොට්ඨාශය හමුවේ විමර්ශනය කෙරෙන පැමිනිළි සම්බන්ධ වාර්තාවක් අප වෙත ලැබී තිබේ. අයතා මුදල් ගනුදෙනු ලෙසට චෝදනාකරමින් මෙම පැමිනිළි ලැබි ඇත. එවා මෙසේය

පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වූ අම්බලන්ගොඩ කෝටි ව්‍යාපාරික හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතන කිරීම සම්බන්ධයෙන් බරපතල සැකයකට ලක්ව සිටින ගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බව හෙළිවේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත සකස් කිරීම හා ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුල ඡන්දය ලබා දුන් සියලු දෙනාට මරණ දඬුවම ලබා දිය යුතු බව මහින්ද රාජපක්ෂගේ රෙද්ද පල්ලේ විසූ, වැටෙන ක‍ටුවක් දෙකක් ලෙවකාගෙන සිටි ඊනියා රණවිරු පරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර අද රාජපක්ෂලාගේම සිංහල බෞද්ධ ගෝත්‍රවාදී නාලිකාවක වන නෙත් ඒෆ් එම හි වැඩසටහනකදී පවසා ඇත.

මහනුවර හන්තාන නායකත්ව පුහුණු ඇකඩමියේ දරු දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු නිමල් එන්. පීරිස් ලිංගික අපයෝජකයෙකු පමණක් නොව නීලකාස වංචාකරුවෙකුද වන බව වාර්තා වෙයි.

ld add copy

Connet With Us