ඉන්දියාවෙන් පලා ආ පිරිස් ප්‍රදේශ කිහිපයකින් සොයාගනී

Published in පුවත්
Monday, 03 May 2021 08:33

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පලාවිත් සැඟවී සිටි කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් දෙදෙනකු පුත්තලම, වෙප්පමඩු සහ මීගමුව, කොච්චිකඩේ, මානවේරිය යන ප්‍රදේශවලින් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකි වී තිබේ.

 

වෙප්පමඩු ප්‍රදේශයේ සැඟවී සිට ඇති කාන්තාව ඉන්දියාවේ සිට පැමිණ ඇත්තේ සිය දරු දෙදනා ද සමගිනි. දරු දෙදෙනා අවුරුදු 04 සහ 13 යන වයස්වල පසුවේ. ඉන්දියාවේ චෙන්නයි කුප්පම් සිට මෙම පිරිස තලෙයි මන්නාරමට පැමිණ තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. වෙප්පමඩු ප්‍රදේශයට ඔවුන් පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. තමන් මෙරට පුරවැසියන් බවත් පසුගිය කාලයේ හොර රහසේ ඉන්දියාවට ගොස් ජීවත් වූ බවත් පොලිසියට පවසා ඇති එම කාන්තාව ස්වාමිපුරුෂයා තවමත් ඉන්දියාවේ ජීවත් වන බවත් සඳහන් කර ඇත.

මෙම කාන්තාව සහ දරුවන් දෙදෙනා ද ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරු හා කාන්තාවට සහය දුන් පවුල් පහක් ද නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කොච්චිකඩේ මානවේරිය ප්‍රදේශයෙන් සොයා ගත් කාන්තාව සහ ඇයගේ දරුවන් සිවු දෙනා ද ස්වාමි පුරුෂයා ද නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. යූ. ටී. කුලතිලක පැවසීය.

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us