මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි  සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම නිවසට යන මාර්ගය රජයේ වියදමින් අලුතෙන් කාපට් යොද පිලිසකර කිරීමද සිදුව තිබේ.

තොන්ඩමන් එජාපයට

Published in පුවත්
Monday, 02 January 2017 16:20

ලංකා වතු කම්කරු කොන්ග්‍රසය එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධවීමට තීරණයක් ගෙන ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. කොන්ග්‍රසයේ උප සභාපති සෙල්වමුත්තු රවීන්ද්‍රන් මහතා පසුගියදා එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සමග මේ සම්බන්ධයෙන් වන මුලික සාක්ච්ඡා පවත්වා තිබේ.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව රාජ්‍ය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වන විට මෙරට වාමාංශික පක්ෂ හා කණ්ඩායම් කිහිපයක නායකයන් සමඟ මෙම උත්සවය පැවැත්විය යුතු ආකාරය ගැන මුලික සාකච්ඡාවක්ද පවත්වා ඇත.

යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා ඉතා වංචාකාරි ලෙස ස්විස් සිංගප්පූරු සමාගම වෙත ලබා දෙන ලද ගල් අඟුරු ටෙන්ඩරයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 4 කට ආසනන් බව විගනකාධි දෙපාර්තමේන්තු වාර්තාවක අනුව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් මිට පෙර අනාවරණයවූ තොරතුරු අනුව පැවසුනේ එම පාඩුව බිලියන 2 කට ආසන්න බවය.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා තමන් දැනට දරණ එම අමාත්‍යධුරය වෙනුවට වෙනත් අමාත්‍යධුරයක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ සහ එම හිතවාදින්ව නැවත ශ්‍රීලනීපය වෙත ඇඳා ගැනීම වෙනුවෙන් කළ සියලු රහසිගත සාකච්ඡා අත්හි‍ටුවීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

පසුගියදා ක‍ටුනායක ගුවන් තො‍ටු පොලෙන් නීති විරෝධී ලෙස මෙරටින් මුදල් පන්නා ගැනීමට ගත් උත්සාහයක් රේගුව විසින් වලක්වා තිබිණි. එම සිදුවීමට සම්බන්ධ කුප්‍රකට ඉන්දීය ජාවාරම් කරුවා රාම් සුදර්ශනය. ඔහු සමඟ මේ කටයුත්තට හවුල් වූ අනෙක් අය විදේශ ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තුසිත හල්ලොළුව බවත් දැන ගැනීමට තිබේ.

පොතක් ලියා තමන් යුද්ධය දිනු සෙන්පතියකු යැයි ඉතිහාසයේ ලියා තබන්නට උත්සහ ගත්තු ලෙඩ්ඩු කිහිප දෙනා අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට ද ඉදිරි ස්ථානයක් හිමිව තිබේ. ඒ පොතේ ඇති අමුතු දෙයක් නිසා නොවේ. එහෙම වුන් සිටින්නේ දෙතුන් දෙනෙකු නිසාය. යුද්ධයකට සම්බන්ධ වූ මොලේ ඇති එකෙක් කිසිදා යුද්ධ හරි යැයි කියන්නෙ නැත. යුද්ධය දිනුවා යැයි කියන්නෙන් නැත. යළි යුද්ධ ඇතිවෙන තැනට කටයුතු කරන්නේද නැත.

ld add copy

Connet With Us