ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේනවා.

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය ඊයේ (01දා) කොළඹදී විවෘත විය.

ලබන අප්‍රේල් මාසය වන විටදී පොල් මිල අඩුවන බවට පොල් පර්‌යේෂණායතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන ප්‍රකාශ කර තිබේ.

අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදු වන වන විනාශය නතර කිරීමට කඩා පනින හමුදාව යෙදවීමට තීරණය කර තිබේ.

ගත වූ පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා 27ක් මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇති බව කොවිඩ් මර්දන බළකායේ සදහන් කර ඇත.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us