පෝට්සිටි විවාදයෙන් පැනලා යන්නේ නෑ..විපක්ෂයයි බොරු කරන්නේ - ජොන්ස්ටන්

Published in පුවත්
Tuesday, 04 May 2021 20:07

පාර්ලිමේන්තුවේ පනතක් සම්බන්ධව විපක්ෂයෙන් කතා කරන්නෙ කීයෙන් කීදෙනාද, පාර්ලිමේන්තුව ඇතුලෙ කතා කරන්නේ වල්පල්. දාන පනතක් ගැන හෝ ගැසට් එකක් ගැන හෝ නිවේදනයක් ගැන හෝ නෙවෙයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඔක්කොම ඇවිල්ලා වෙන වෙන විෂයන් ගැන තමයි කතා කරන්නේ...යැයි පෝට් සිටි පනත සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවැසීය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ......

වරාය නගරය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුව කතානායකවරයාට දැනුම් දුන්නොත් හෙට දවස තුළ එනම් බදාදා දවසේ විවාදයකට ගන්නවා. අද දවසේ මේ තින්දුව ආවෙ නැති නිසා අපි තීන්දුවක් ගත්තා හෙට දවසේ විපක්ෂය ඉල්ලපු රටේ තියන තත්ත්වය සම්බන්ධ විවාදය සම්බන්ධ විවාදය හෙටට සිදු කරන්න.

ඊළගට අපි ගත්ත තීන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය දවස් 21 ඇතුළත කතානායකවරයාට වරාය නගර පනත ගැන තීන්දුවක් එවපු ගමන් අපි ඒ විවාදය නැවත වාරයක් දින නියම කරගන්නවා ඒ විවාදය කරන්න.

පාර්ලිමේන්තුවට දාන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ආවට පස්සේ. ඊට පස්සෙ තමයි පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් වෙන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ආවට පස්සෙ අපි විවාදයට ගන්නවා. විවාද කරලා තමයි සම්මත කරගන්නේ. ඒක තමයි සම්ප්‍රදාය. විවාද නොකර සම්මත කරන්න බැහැ. අපේ ආණ්ඩුවේ විශාල පිරිසකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පැහැදිලිවම විවාදයට ලක් කරලා නීත්‍යානුකූලව සම්මත කරගන්නවා.

අපි කොවිඩ් ප්‍රශ්නය නිසා ලබා දුන්නේ පාර්ලිමේන්තුව අගහරුවාදා සහ බදාදා පමණක් තිබිය යුතුයි කියලා අපි තීන්දු කෙරුවා. බදාදා දවසේ දී උදේ ඉදලා සවස අට වෙනකම් පවත්වන්න තීරණය කෙරුවා. පාර්ලිමේන්තුවේ තියන ප්‍රශ්න අහන සියලුම දේවල් කල් දැම්මා. ඒ දේවලට වෙලාව නොදී විවාදයට පමණක් වෙලාව ලබාදීම තමයි අපි බලාපොරොත්තු වුණේ. පක්ෂ නායකයොත් එක්ක අපි එකගතාවයකට ඇවිල්ලා දවස් දෙක එක දවසකට ලබා දුන්නා. ඒ නිසා මේ විවාදයෙන් පැනල යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. මේ පනත ගෙනාවෙත් අපි. රටේ නීතියට අනුව අපි විවාද කරන්නත් ලෑස්තියි ඒ වගේම සම්මත කරන්නත් ලෑස්තියි. විපක්ෂය කියනවා නම් අපි මේකෙන් පැනල යන්න හදනවා වෙලාව දෙන්නේ නැහැ ඒක වැරදියි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආපුවහම අපේ ඇමතිවරුත් මන්ත්‍රීවරුත් බලා ගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ විවාද කරන්න. මේ විපක්ෂය කරන බොරුව ඔප්පු කරන්න තමයි අපිත් පාර්ලිමෙන්තුවේ බලාගෙන ඉන්නේ. විපක්ෂය කරන්නේ බොරුවක් නේ. 2015 ඉදන් ඔය බොරුවම නේ කලේ. මොනවද පෝට් සිටියට කිව්වේ. මොනවද එදා ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ, ලංකාවෙම ගල් ටික කැඩුවත් මදි කියලා. අධිවේගී මාර්ගය හදනකොට කිව්වේ රාජපක්ෂ පවුලට කිරියි තව ඒවයි ගේන්න තමයි ඒක හදන්නේ කියලා. එහෙමනේ එදා ගැහුවේ. එක නිසා අපිටත් ඕනි මේ බොරුව පරාජය කරන්න. ඒක නිසා අපිටත් අවශ්‍ය විවාදය. ඒ නිසා විවාද වලින් පැනලා යන්නේ නැහැ. විපක්ෂ හිතනවා නම් මේ බොරුව සමාජගත කරන්න, ඔය බොරුව සමාජගත කරලා අන්තිමට දිනලා මොකක්ද අන්තිමට සිද්ධ වුනේ.. අවුරුදු 3 යන්න කලින් ආපහු පැරදුණා. ඒ නිසා අපි දන්නවා මහ බැංකුවෙන් හොරා කපු සල්ලි වලින් විවිධ තැන් වලින් හොරා කාපු සල්ලි වලින් විවිධ ගිණුම් මුහුණූ පොතේ විවෘත කරගෙන, වෙනත් විවිධ තැන් වල ගිණුම් විවෘත කර අපිට මඩ ගහන එකයි කරන්නේ. ඒ හොරකම් කරපු සල්ලි වලින්. ඒ නිසා ඒකට අපි ඔළුව නවන්න සූදානම් නැහැ. එක නිසා මේ විවාදයට අපි මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සම්මත කරන්න තියන සියළුම දේවල් පාර්ලිමේන්තුවේ අපේ රජය යටතේ සම්මත කරනවා. බොරැවට ඉඩ දෙන්න සූදානම් නැහැ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us