අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා !

Published in පුවත්
Wednesday, 05 May 2021 10:55

අවශ්‍ය වුවොත් අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදවා ගන්නා බව සෞඛ්‍ය ඇමැතිති පවිතත්‍රා වන්නිආරච්චි ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හෙදියන්ට දැඩි සත්කාර ප්‍රතිකාර පුහුණුව ලබා දීමට හා සීමාවාසික වෛද්‍යවරුන් සඳහා කොවිඩ් හදිසි ප්‍රතිකාර පුහුණුව ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවයි ඇය සදහන් කරේ.
දිනකට පීසීආර් පරික්ෂණ විසිපන්දහසක් අඩු වැඩි වශයෙන් සිදු කරන බවත් පරික්ෂණයකට රුපියල් එක්දහස් හත්සිය හැට බැගින් දිනකට රුපියල් ලක්ෂ හාරසිය හතළිහක් ඒ සඳහා වැය වන බවත් අමාත්‍යවරිය සදහන් කර තිබේ.

මෙම වසර අවසානය වෙද්දී රටේ ජනගහනයෙන් සියයයට හැට තුනකට වඩා පූර්ණ එන්නත්කරණය කිරීමට හැකිවන බවත් මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන යාමට හැකි වන බවත් ඇය ප්‍රකාශ කළාය.

තිබෙන ඇඳන් දහතුන්දහස් අටසීයට අමතරව තවත් ඇඳන් දස දහසක් රෝගින් සඳහා ඉදිරි සතියේදී වෙන් කරන බවද දැනට තිබෙන ඔක්සිජන් සඳහා භාවිත කරන ජම්බෝ සිලින්ඩර හාරදහසට සහ සාමාන්‍ය සිලින්ඩර් විසිහතර දහසට අමතරව තවත් ජම්බෝ සිලින්ඩර් හත්දහසක් ඇණවුම් කළ බවද ඇය කීවාය. ඉන් සිලින්ඩර හාරසීයක් මේ සතියේදී ලැබෙන බවද ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us