ඉන්දියානු කොරෝනා ආක්‍රමණයක්..උතුර අවදානම් !

Published in පුවත්
Tuesday, 04 May 2021 16:08

ඉංදියාවේ කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීයාම සහ ඊට පිළියම් යෙදීමට ඉංදීය රජය අසමත්වීම හමුවේ ඉන්දියානුවන් තොග පිටින් මෙරටට ඇතුලුව් වීමට උත්සහ ගනිමින් තිබේ. අද පුද්ගලයන් 86 දෙනෙකු රැගත් ඉන්දීය ධීවර බෝට්‍ටු 11ක් මෙරටට ඇතුලුවීමට ගත් උත්සහයයන් වැලැක්වීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙන බවත් වාර්තා වී ඇත.

එමෙන්ම පසුගියදා හොර රහසේ මෙරටට ඇතුලු වූ පුද්ගලයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට පසුගියදා පොලිසිය කටයුතු කර තිබිණි. කෙසේ නමුත් මේ තත්වය හමුවේ උතුරු පළාත බරපතල අවදානමකට ලක්ව තිබේ.


මේ අතර ඉන්දියාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදය ද මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්යත සුදත් සමරවීර මහතා මේ බව සදහන් කළේය.

"කොවිඩ් -19 වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමගම වෛරසය පැතිරීම වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒකත් අපේ රට තුළට පැමිණීමේ අවදානම තියෙනවා. ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර යාත්‍රා සමග අපේ ධීවරයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුළ කොවිඩ් ආසාදිතයෝ හිටියොත් අපේ රට තුළට මේ වෛරසය එන්න පුළුවන්."

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

"අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ඇති කිරීමටත් රෝගීවන පුද්ගලයින්ට අවශ්‍ය ඇඳන් ලබාදීමටත් අපි කටයුතු කරමින් යනවා. දිනකට රෝගීන් 2000ක් විතර වාර්තා වෙනකොට වහාම රෝහල්වලට ඇතුළත් කිරීමේදී යම් කාලයක් ගතවෙනවා."

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us