එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ඇරඹේ !

Published in පුවත්
Wednesday, 28 April 2021 14:41

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, කොළඹ 10, ඩාර්ලි පාර, ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණ බවයි වාර්තා වුනේ.

එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට එන්නත්කරණය සිදුකරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය, දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකරන පරීක්ෂණ කටයුතු සදහා රුධිර සාම්පල ලබාගැනිම සිදුකරන බව ද ඇය පැවසුවාය.

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අද දින (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදුකිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us