චීන ආරක්ෂක ඇමැති අද එයි.. ලෝකයේම අවධානය.

Published in පුවත්
Tuesday, 27 April 2021 09:11

ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (27) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

 

මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එළඹෙන 29 දා තෙක් මෙරට රැදී සිටින චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ අනුව සිය සංචාරය සිදු කිරීමට ද නියමිතව තිබේ.

මෙය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවන ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.

කෙසේ නමුත් චීනයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ශ්‍රී ලංකාව කෙරෙහි සිදුවෙමින් පැවැතීම ගැන ලෝකයේ ප්‍රබල රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි අවධනය යොමුකර තිබේ. විශේෂයෙන්ම මේ වන විට චීනය ඉන්දියානු සාගර කලාපය තුල සිදු කරමින් සිටින දේශපාලනික මැදිහත්වීම නිසා ඇමැරිකාව ප්‍රමුඛ රාජ්‍ය කඳවුර ඉන්දියානු සාගර කලාපයේ සිය බලය පතුරුවා ගැනීම ගැන බරපතල අර්බුධයකට ලක්ව සිටී. චිනය සිය භු දේශපාලනික බලය වෙනුවෙන් ක්‍රියත්මකකර තිබෙන වැඩ පිළිවෙලෙහි මෙම කලාපය තුළ වැදගත්ම කෙන්ද්‍රස්ථානය වී ඇත්තේ ශ්‍රී ලංකාවය. කොළඹ වාරාය නගරය එහි සංධිස්ථානයක් වන අතර මේ වන විට කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්ත සම්බන්ධයෙන්ද ආන්දෝලනාත්මක තත්වයක් ඇති කර තිබේ. එම පනත හරහා වරාය නගරය චිනයේ පාලනයට මුළුමනින්ම යටත්වන ප්‍රදේශයක් ලෙස තහවුරු වන බව නීති හා දේශපාලනික ක්ෂේත්‍රයේ අදහස වී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us