කොවිඩ්වලට මුවානොවී විරෝධතා ලිඛිතව ගොනුකරන්නැයි පාඨලීට නියෝග

Published in පුවත්
Tuesday, 27 April 2021 12:55

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

 

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම රිය අනතුර සිදුකර පලායෑම, අනතුර සම්බන්ධ තොරතුරු වසං කිරීම ඇතුලු චෝදනා කිහිපයක් පාඨලී චම්පික රණවකට එරෙහිව එල්ල වී ඇත. මෙම රිය අනතුර චම්පික රණවක විසින් සිදු කළ බවට පැහැදිලි සාක්ෂි තිබෙන බව නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට කරුණු දක්වා තිබිණි. එහෙත් මෙම අනතුර සිදු වූ මොහොතේදී රථය පැදවූ හිටපු ඇමැතිවරයා වෙනුවට ඔහුගේ රියැදුරෙකු වන දිලුම් තුසිත කුමාර ඉදිරිපත්කර තිබූ අතර එවකට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා අදාල පොලිස් සටහන්වල මෙම රථයේ රියැදුරා ලෙස පසුව ඉදිරිපත් කෙරුණු තැනැත්තාගේ නම සටහන් කරන ලෙස පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ට බලපෙෑම් කර තිබූ බවත් හෙළි වී ඇත. එසේම එවකට කොළඹ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර ද සත්‍ය තොරතුරු වසන් කිරීමට සහය වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.

මෙම සිද්ධිය එලෙස යටපත් කිරීමට චම්පික රණවක, පොලිසිය සමඟ කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ බව මේ වන විට පැහැදිලි තත්වයයි. එසේ නමුත් මෙම රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් තරුණයා වෙනුවෙන් කිසිදු සොයා බැලීමක් හෝ නොකළ බවටද චම්පික රණවකට චෝදනා එල්ල වෙයි. මේ වන විට ඔහු ස්ථිර ආබාධිතයකු බවට පත්ව සිටී.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජික කොඩිතුවක්කු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ කණිෂ්ඨ නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් කොවිඩ් ආසාදනය වී සිටින හෙයින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න ද මේ වනවිට නිරෝධායනයට ලක්වී සිටින බවය.

මේ නිසා මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් අයැද සිටින ලෙස ලෙස ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තමන්ට දන්වා ඇතැයිද නීතිඥවරයා පැවසීය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේ කොවිඩ් තත්වය පදනම් කර ගනිමින් මූලික විරෝධතා දේශනය පැවැත්වීමට තවදුරටත් කල්ගත වන නිසා අධිකරණයේ කාලය ඉතිරිකර ගැනීමට මෙම නඩුවට අදාළ විත්තියේ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවය.

මෙහිදී විනිසුරු බලල්ලේ ද කියා සිටියේ විත්තියේ මූලික විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීම සුදුසු බවය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us