දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි
දැදුරු ඔයට විෂ රසායන සහිත අපජලය මිශ්‍රකරමින් දැදුරු ඔයත් ඒ අවට ජන ජීවිතයත් විනාශ කරන කොබෙයිගනේ පිහිටි නොර්වේ කර්මාන්ත ශාලාවක් වන ජිෆී ආයතනයේ මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩෛෆින් ඇලෙක්සැන්ඩ්ර් මහතා පසුගියදා මෙරටට පැමිණ යහපාලන නායකයන් හමුවී ජිෆී ආයතනයට එරෙහිව තිබෙන චෝදනාවලින් නිදහස් වීමේ උත්සාහයක් ගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුතුන් විසින් එම පාලන සමයේදී කළ දූෂණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මහිඳ රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු ච්නමල් රාජපක්ෂ මහතා රජයේ සාක්ෂි කරුවකු ලෙස එම අධිකරණ ක්‍රියාවලියේදී කටයුතු කරනු ඇති බව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාෂ ආරංචි මාර්ග පවසයි.
යහපාලනය, ධම්මික පෙරේරාගේ බැංකු ණය මිලියන 130 ක් කපා හැරේ
මෙරට අංක එකේ ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරාට අයත් වැලිබල් ෂිපිං ලංකා සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබ ගන්න ලද ඩොලර් මිලියන 1.6 ක (රුපියල් මිලියන 200ක ට ආසන්න)ණය මුදලෙන් රුපියල් මිලියන 130,කට ආසන්න මුදලක් කපා හැරීම සූදානමක් ගැන වාර්තාවේ.
ගයන්ත, මාධ්‍ය මර්දනය පටන් අරගෙනද? වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රශ්න කරයි
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ කාර්යාලය සම්බන්ධයෙන් සොය බලා වාර්තාවක් සකසා දෙන ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවට, 'දිනමිණ' හා 'දිවයින'පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන එම සංගමය , ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් අලුත් ආකාරයක මාධ්‍ය මර්දනයක් ආරම්බ කර තිබේ දැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටී.
තම පියවරුන් නිදහස් කරන්නැයි උතුරේ දරුවෝ උද්ඝෝෂණයේ
යුද සමයේදී සහ යුද්ධයෙන් පසුව විවිධ වූ ක්‍රියාකාරකම් හේතුවෙන් තවමත් බන්ධනාගාරගතව සිටින දේශපාලනික සිරකරුවන් වූ තමන්ගේ පියවරුන් වහාම නිදහස් කරන මෙන් වත්මන් රජයෙන් ඉල්ලා යාපනය, වව්නියාව ආදී ප්‍රදේශ කිහිපයක ඊයේ සහ පෙරේදා කුඩා දරුවෝ සහ පාසල් සිසුහු විරෝධතාවක නිරත වූහ.ළමා දිනය අලලා මේ ක්‍රියාකාරකමෙහි ඔවුහූ නිරත වූහ.
ජනපති ලෝක නායකයින්ගේ හොඳ හිත දිනා ගැනීම සතුටක් - විපක්‍ෂ නායක
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටවල් ගණනාවක නායකයින්ගේ හිත දිනා ගැනීමට සමත්වීම පිළිබඳව විපක්‍ෂ නායකයා ලෙස තමා මුළු හදින්ම සතුටට පත්වන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අපේ ජනාධිපතිතුමා සුහදව පිළිගැනීම නිසා ලෝකයේ ඕනෑම රටකින් දැන් අප රටට උදව් ලබා ගැනීමට හැකි වාතාවරණය සැලසී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
වානිජ බැංකුවල පොලී අනුපාතය දෙගුණයකින් පමණ ඉහළ යන බව මූල්‍ය වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හෙට දිනය තුලදී මේ තීරණය මහ බැංකුව ගනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
නාමල්ගේ, සුජානිගේ වංචාව නිසා රග්බි තහනම් වන ලකුණු. හේමාස් එකටත් පොල්ලක්
2014 වසරේ හබරාදුව පැවති කාල්ටන් රග්බ් සෙවන්ස් තරගාවලියට සඳහා විදේශ ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ඇත්තේ ජාත්‍යන්ත්‍රතර ක්‍රීඩා තරග නීතිය අනුව එම ක්‍රීඩකයන් නියමිත පරිදි රක්ෂණාවරණයකට යටත් නොකොට බව හෙළිවී තිබේ.