පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ඊයේ(19) මෙරටට රැගෙන ආ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඞ් සිද්දික්ගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප‍්‍රශ්න කරමින් සිටී. මොහොමඞ් සිද්ධික් විසින් සිදුකරන ලද ජාවාරම් පිළිබද තවදුරටත් සොයා බැලීම එහි ප‍්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (20) නොතීසි නිකුත් කෙරුණි.

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට නියම කර තිබෙන සිරදඬුවම ලිහිල් කර ඇයට සමාව දිය හැකි ද යන්න පිළිබඳ සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශ හිටපු ලේකම්වරයාගේ අත් අකුරු පරීක්‍ෂාව සඳහා ඔහුගේ අත්සන සහිත ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ගාල්ල මහෙස්‌ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (19 දා) රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළාය. මහෙස්‌ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ සැලකිල්ලට ගනිමිනි.

රාජිත සේනාරත්න මහතාගේ බාල පුත්‍රයා විසින් දැරියක පැහැරගෙන ඇති බව කියමින් විපක්ෂයේ ඇතැමුන් ගෙන යන ප්‍රචාරවල සත්‍යයක් නැති බවත් තමන්ට හා පුතාට චෝදනා කරන වුන් දවසට එකා ගනනේ ගැහැනුන් පාවිච්චි කරන මුත් තම පුත්‍රයා ආදරය කරන්නේ එක ගැහැනු ළමයකුට පමණක් බවත් ඔහු පවසයි.

රාජපක්ෂ පාලන සමයේදී වංචා සහගත ලෙස අත්පත් කර ගන්නා ලද රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්යසාදක බලකායක් පිහි‍ටුවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් ලෙස ප්‍රකාශයට පත්කිරීම තුළ එමගින් ඔහු බලයට ගෙන ආ පුරවැසියන්ව කොතෙක් දුරට ආමන්ත්‍රණය කර තිබේද යන්න පිළිබද අර්බුධයක් බවතින බව ගාමිණී වියන්ගොඩ මහතා සදහන් කළේය. ඔහු මේ අදහස් දැක්වූයේ අද (19) පුරවැසි බලය සංවිධානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us