දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම හේතුවෙන් ගෑස් සමාගම් ණයවර ලිපි විවෘත නොකර ආනයනය ප්‍රමාද කිරීම නිසා ගෑස් හිගයක් මතුව ඇති බව වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඊයේ (03 වැනිදා) දැනුම් දී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ පළමු එන්නත් 15,000 ක තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

කොවිඩ් - 19 මර්දන සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් ස්වයං විනයකින් තොරව තවදුරටත් ජනතාව කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8000ක්, 10,000ක් වාර්තා වීමේ අවදානමක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (03) ප්‍රකාශ කළාය.

 කොවිඩ් - 19 ව‍ෛරසය ආසාදිත ගැබිනි කාන්තාවන් 70ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ ‍වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (03දා) ලිපියක් යොමුකර තිබේ.

කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ව්‍යාපෘතියේ දෙවැනි අතිරේක මූල්‍ය පහසුකම වන ඇමරිකා ඩොලර් මිලියන 26.51ක (රුපියල් කෝටි 522ක) ණය මුදල ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (03 වැනිදා) තීරණය කර ඇත.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us