මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින හෙයින් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අවදානම් සහගත පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කළද ඉහළ යමින් පවතින මරණ අනුපාතයේ වෙනසක් සිදුවීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කරයි.

අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ද ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය.

පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදෙකලා බව අද පෙරවරු 6 සිට ඉවත් කර තිබෙනවා. තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් අලුතින්හුදෙකලා කිරීමට ද තීරණය කෙරුණා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (20) දෙවන දිනටත් ආරම්භ වී තිබේ.

ඒ අනුව විවාදය අවසානයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

චීනයෙ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් ශ්‍රීලංකාව මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටීන බව වාර්තා වෙනවා.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us