සිනි ආනයනයට ඉඩ !

Published in පුවත්
Friday, 03 September 2021 10:39

රසකැවිලි කර්මාන්තයට අවශ්‍ය සීනි ආනයනය කිරීම සඳහා රජය විශේෂ බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව සෘජුවම ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීමේ විශේෂ බලපත්‍ර 05ක් ‘මහා පරිමාණ’ සහ ‘විශාල’ ව්‍යාපාර වෙත ලබාදීමට කටයුතු කර ඇත.

2020 වසරේ ජුනි මාසයේදී මෙරටට සීනි ආනයනය කිරීමට වැයකර ඇති මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9කි (රුපියල් කෝටි 237.4ක්). එම අගය සියයට 100කට වඩා වර්ධනය කරමින් මෙම වසරේ (2021) ජූනි මාසයේදී ඩොලර් මිලියන 23.8ක් (රුපියල් කෝටි 480.6ක්) වැයකරමින් සීනි ආනයනය කර ඇත.

මේ අතර මෙම වසරේ (2021) පළමු මාස 06 ඇතුළත මෙරටට සීනි ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 206.7ක් වැයකර ඇත. පසුගිය වසරේ (2020) එම කාල සීමාවේදී මෙරටට සීනි ආනයනයට වැය කර ඇති මුදල ඩොලර් මිලියන 116,කි. ඒ අනුව පෙර වසරට වඩා සියයට 77.6ක මුදලක් වැයකර ආනයනකරුවෝ මෙම වසරේ පළමු අර්ධයේදී මෙරටට සීනි ගෙන්වා තිබේ.

2021 ජුනි 22දා සිට බල පැවැත්වෙන පරිදි සීනි ආනයනය අත්හිටුවීමට රජය කටයුතු කළේ රටේ පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් සහ රටේ අවශ්‍යතාවට වඩා වැඩි සීනි තොගයක් පවතින බව සලකා බැලීමෙන් අනතුරුවය.
2020 ඔක්තෝබර් 14 වැනි දින සිට රජය සීනි සඳහා එතෙක් පැවැති රුපියල් 50ක වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසි කර ශත 25ක නාමික බද්දක් පනවන ලදී. එදිනට මෙරට සීනි මිල ආසන්න වශයෙන් රුපියල් 135 ලෙස සටහන් වූ අතර එය රුපියල් 85 දක්වා අඩුකිරීම රජයේ අරමුණ විය. ඉන් අනතුරුව මෙරටට සීනි ආනයනය කරන ලද්දේ නව ශත 25ක බද්ද යටතේ රුපියල් 49.75ක ලාභයක් ද සමගය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us