ඔක්සි මීටරයටත් ආණ්ඩුවේ අවදානය !

Published in පුවත්
Thursday, 02 September 2021 20:25

ලංකාවේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමඟ 'ඔක්සි මීටරය' ජනතාව අතර ඉතා ජනප්‍රිය මෙවලමක් බවට පත්ව ඇත.

කොවිඩ් වෛරසය තමන්ට ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයින් තම ශරීරයේ ඔක්සිජන් මට්ටම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දී තිබෙන බැවින් බොහෝ පිරිස් නිවසේදීම එය නිරීක්ෂණය කරගැනීම සඳහා ඔක්සි මීටර මිලට ගැනීමට පෙළඹී සිටි. මේ නිසා එම උපකරණ වලට පවතින අධික ඉල්ලුම ප්‍රයෝජනයට ගෙන කූඨ වෙළෙඳුන් බාල වර්ගයේ නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීමට සහ අධික මිල ගනන් වලට විකිණීමට මේ වන විට පෙළඹී තිබේ. මේ හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම මෙන්ම මිනිස් ජිවිත ඉතා අනතුරුදායක තත්වයක් කරා ගමන් කරමින් ඇත.

එනම් ප්‍රමිතියෙන් තොර මෙම බාල වර්ගයේ ඔක්සි මීටර වලින් නියමිත මාපාංක නොලැබෙන බැවින් ඒවා භාවිත කරන පුද්ගලයින් වැරදි තීන්දුවලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවිනි. මෙහි බරපතලම තත්වය නම් ශරීරය තුළ ඔක්සිජන් මට්ටම අඩුවී තිබියදී ඔක්සි මීටර වැඩි අගයන් පෙන්වීම නිසා ඇත්ත සෞඛ්‍ය තත්වය නොදැන අදාල ප්‍රතිකාර වලට රොගීන් යොමු නොවී අනතුරට පත්වීමය.

එම නිසා මේ වන විට ඖෂධ නියාමන අධිකාරිය මගින් දිවයින පුරා වෙළද සැල් වල අදාළ වැටලීම් සිදුකරමින් ඇත. එම වැටලීම් වලින් ප්‍රමිතියෙන් තොර ඔක්සි මිටර් විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට අධිකාරියට හැකි වී ඇත. එසේම මෙම ඔක්සි මීටර බොහොමයක් ඉතා අධික මිළ ගණන් යටතේ පාරිභෝගිකයාට අළෙවි කර ඇති බවද හඳුනාගෙන ඇත.

මේ සියලු කාරණා සැළකිල්ලට ගෙන ඔක්සි මීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කරයි.

මීට අමතරව ඔක්සිමීටර් සහ ස්වයංක්‍රීය උෂ්ණත්වමාන මෙරටට ගෙන්වීමට අවසර දීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙසත් රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අද වාර්තා විය.

මෙය ඉතා නිවැරදි තීරණයක් වන්නේ භයංකර වසංගත තත්තයක් තුළදි පවා මිනිස් ජිවිත සමග සෙල්ලම් කරමින් මඩිය තර කරගැනීමට වෙහෙසෙන කූට වෙළෙදුන්ට රටේ පුරවැසියා ගොදුරක් වීමට ඉඩ නොතැබිය යුතු නිසාය. එම නිසා වත්මන් රජය මේ පිළිබදව අවදානය යොමු කරමින් කටයුතු කිරීම ප්‍රශංසනීයය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us