පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇත්ත හේතුව හෙළිකරම්න් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රීී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය නාලක ගොඩහෝවාට ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ නාලක ගොඩහේවාට විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබුණා.

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණය නීත්‍යනුකූල බවට පක්ෂග්‍රාහී ලෙස ප්‍රකාශ නිකුත් කරමින් සිටින, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ ආර් ද සිල්වා එම ධුරයට නොගැලපෙන බැවින් ඔහුව ඉවත් කළ යුතු බවට නිතිඥ සංගමයේ සාමාජිකයන් විසින් එම සංගමයේ විධායක සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

හොර අගමැති මහින්දගේ වැය ශීර්ෂ කපා හැරීම වෙනුවෙන් කර තිබෙන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය කරන ලෙසත්, එසේ නොකොට පාර්ලිමේන්තුව කඩා කප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්ෂවාදීන්ට බහුතරයක් නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා (21) දින පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදින්ට සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශන රැසක් සිදු කළ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා තිරසාර සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම්වල සහ ‍දේශපාලන ක්ෂේත්‍රයේ අර්බුද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී තිබෙනවා.

ld add copy

Connet With Us