අඛණ්ඩ වර්ජනය නිසා ස්ටාලින්ලා රු.5000 ත් අහෝසි කර ගනී !

Published in පුවත්
Monday, 06 September 2021 12:27

ගුරු-විදුහල්පතිවරුන් සඳහා රජය විසින් රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට තීරණය කළද එය ලබාදීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ‘දිවයින’ පුවත්පතට ඊයේ (5 දා) පවසා ඇත.

මෙම ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා මාස 2 ක් යනතරු රුපියල් පන්දහස බැගින් දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ ඔන්ලයින් තාක්‍ෂණයෙන් දරුවන්ට ඉගැන්වීමේදී වැයවන මුදල පියවීමේ අරමුණින් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගුරු-විදුහල්පති වැටුප් විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අදියර 4 ක් යටතේ විසඳුම් ලබාදීමට යෝජනා කර තිබෙන බවත්, ඉදිරි අයවැයේදී සහනයක් ලබාදෙන තෙක් මාස දෙකක කාලයක් රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එහෙත් මෙම ගුරු විදුහල්පති සංගම් අඛණ්ඩවම මෙම වෘත්තිය කි‍්‍රයාමාර්ගවල නිරතවීම නිසා එම දීමනාව ලබාදීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.

මාස 2 ක් තිස්සේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ඉගැන්වීමේ කටයුතු නතර කර වර්ජනයේ නියැළීම පිිළිබඳව ගුරු-විදුහල්පති සංගම් වෙත තම අප‍්‍රසාදය පළ කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

දරුවන්ගෙන් පළිනොගෙන දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සිදුකරන ලෙස සියලූ ගුරුවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පාසැලකට ඇතුළත් කරන දරුවෙකුගේ පළමු පාඩම වුයේ ලද දෙයින් සතුටු වීමට උගනිමය. එය කියා දුන්නේ එදාද අදද ගුරුවරුන් විසිනි. එදා ලද දෙයින් සතුටු නොවූ දරුවන්ට ගුරුවරුන් මතක හිටින්නට ටෝක්කක්ද ඇන්නේය. ඒ තරහකට නොව සමාජයේ යහපත් තැනක,යහපත් අයුරින් දරුවෙකු කවදා හෝ සිටිය යුතු නිසාය. එහෙත් ස්ටාලින්ලා වන් වෘත්තීය සංගම්කාරයන් නිසා අපට මුළු ගුරු සංහතියටම ටොකු අනින්නට සිදුව ඇත. එපමණක් නොව ලද දෙයින් සතුටු වන්නැයි එදා අපට උගැන්වූ හෝඩි පොතේ මුල් පාඩම දැන් දැන් ස්ටාලින්ලාට උගනිමට සිදුව ඇත.

-පංචාලි අබේසේකර

Last modified on Monday, 06 September 2021 12:33

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us